HNDE පාඨමාලාව සඳහා online අයදුම්පත් යොමු කරන ආකාරය.

http://apply.sliate.ac.lk

ඉහත ලිපිනයේ ඇති අයදුම්පතේ,

  1. HNDE පාඨමාලාව පූර්ණ කාලීන පාඨමාලාවක් හේතුවෙන් full time ලබා දෙන්න.
  2. HNDE පාඨමාලාව සඳහා ‍Z-Score අගය මත පදනම්ව බඳවා ගැනීම් සිදු කරන බැවින් selection type ලෙස ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍Z-Score ලබා දෙන්න.
  3. HNDE පාඨමාලාව හැදෑරීම සඳහා උසස් පෙළ ගණිත අංශයෙන් පෙනී සිටිය යුතුය.
  4. පළමුව ඔබ වඩාත්ම කැමති පාඨමාලාව තෝරා එම පාඨමාලාව හැදෑරීමට වඩාත් කැමති ආයතනය තෝරන්න.
    (වඩාත් සුදුසු වන්නේ පහසුකම් වැඩිම හා වැඩිම සිසුන් කණ්ඩායම් ප්‍රමාණයක් ඉංජිනේරු ක්ෂේත්‍රයට දායාද කරන ලද ආයතනය තෝරා ගැනීමයි.)
    5.උපරිම වශයෙන් පාඨමාලා 5ක් තෝරා ගැනීමට ඔබට හැකියාව ඇත.
    6.ඔබගේ පෞද්ගලික තොරතුරු නිවැරදිව ඇතුළත් කරන්න.
    7.ඔබගේ contact details නිවැරදිව ඇතුළත් කීරීමට අනිවාර්ය වේ.
    8.උසස් පෙළ හා සාමාන්‍ය පෙළ තොරතුරු නිවැරදිව ඇතුළත් කරන්න.
    9.අයදුම්පත නිවැරදිව පුරවා රු 500.00ක ගාස්තුව 2022 ජනවාරි 31 දිනට හෝ ඊට පෙර මහජන බැංකුවේ 025-2-001-1-3397613 දරණ SLIATE ආයතනයේ ගිණුමට බැර කළ යුතුය. එම Payment Slip එකෙහි Transaction Number එක ඇතුළත් කර එම slip එකෙහි scanned පිටපතක් හෝ පැහැදිලි ඡායාරූපයක් ලබාගෙන එය upload කරන්න.

පද්ධතිය අයදුම්පත තහවුරු කිරීමත් සමඟම එහි pdf පිටපතක් ලබාගත යුතුය. එම pdf පිටපත මුද්‍රණය කර එම අත්සන් කරන ලද පිටපත සහ එම පිටපත සමඟ ගෙවීම් කුවිතාන්සිය අමුණා අදාළ ආයතනයට 2022/01/31 ට හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් ලබා දිය යුතුය.(ඔබ ප්‍රථමයෙන්ම තෝරන ලද ආයතනයට )

පද්ධතිය මඟින් තහවුරු කරන ලද අයදුම්පතේ යොමු අංකය ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ පැහැදිලිව සඳහන් කළ යුතුය.

පද්ධතිය මගින් අයදුම්පත තහවුරු වූ පසු අයදුම්පත ලබා ගත් බව ලබා දී ඇති විද්‍යුත් තැපැල් ලිපිනය, ජංගම දුරකථන අංකය හෝ තැපෑලෙන් දැනුම් දෙනු ලැබේ.

අවසන් දිනයෙන් (2022/01/31) පසු ලැබෙන අයදුම්පත් කිසිදු තත්ත්වක් යටතේ භාර නොගනී.

මෙම යෙදුම සම්බන්ධයෙන් ඔබට යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය නම්, කරුණාකර අපට දන්වන්න
www.hnde.lk
077-7895684
facebook.com/HNDE.mattakkuliya

No 42, Rodrigo place, Colombo 15

Leave a Reply

Your email address will not be published. Required fields are marked *